යුද හමුදා විශේෂ බලකා සෙබළු 300ක් විසිර යති (වීඩියෝ)

සැප් 12, 2020
  • පුහුණුව නිමා කළ යුද හමුදා විශේෂ බලකා සෙබළුන් 300 දෙනෙක් අද විසිර ගියහ. උත්සවය පැවැත්වුණේ, මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසල් භූමියේදී.

    යුද හමුදා විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක 50 යටතේ බඳවා ගැනුණු මොවුන් මාස 09ක් දැඩි මෙහෙසකර සහ දුෂ්කර පුහුණුවක් ලබා තිබේ. විසිර ගිය පිරිසට නිලධාරීන් 05ක් සහ සෙසු නිලයන් 295 දෙනෙකු ඇතුලත්.

    විසිරයාමේ පෙළපාලිය පැවැත්වුණේ, යුද හමුදාපති, විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. පුහුණු බලමුළුවේ දක්‍ෂතම වෙඩි තබන්නා, සෙබල ඒ.ජී.අලුත්ගෙදර සහ දක්‍ෂතම සෙබලා සහ දක්‍ෂතම ශාරීරික සෙබළා ලෙස, ලුතිතන් ටී.එම්.ජී.එන්.එම්. තෙන්නකෝන් කුසලාන හිමිකර ගත්තේය.

    සතුරු කඳවුරු සඳහා ප්‍රහාරයක්, අලංකාරවත් පැරෂුට් සංදර්ශනයකින් විසිරයාමේ උත්සවය වර්ණවත් විය.

    මෙහිදී විශේෂ බලකායට නව ඇඳුමක් හඳුන්වා දෙනු ලැබීය. පසුව හමුදාපතිවරයා පැවසුවේ ඉදිරියේ දී යුද හමුදාවට නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බවයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 20:19

    Latest News