19 අහෝසි කළ දවසට රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුලුවන් ජනතාව සතුටු වෙන; හිටපු ජනපති

සැප් 06, 2020

    රට අස්ථාවර කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර කඩිනමින් 20 වැනි සංශෝධනය ගෙන ආ යුතු බව නීතිවේදීන් සහ ජනතා නියෝජිතයන් පවසයි.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අස්ථාවර වූ බවට එය ගෙන ඒමට මුල් වූ පිරිස්ම එකල චෝදනා කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති ධූරයේ සිටින කාලයේදීම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැඩි ලෙස විවේචනය කළේය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

    “අවුරුදු හතර හමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුනානම් නරක් වුණේ ප්‍රධානම හේතුව තමයි 19 වැනි සංශෝධනය. එය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි, මායි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇතිවුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. 18 වැනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණා. එක නායකයෙක් නැතුව ගියා. ජනාධිපතිත්, අගමැතිත් දෙපැත්තට අඳින ක්‍රමයක් හැදුණා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කළ දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුලුවන් ජනතාව සතුටු වෙන“ යැයි හිටපු ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා.... 

    “නිර්මාතෘවරයා ඒක පාපොච්චාරණය කරනවානම් ඒකේ අඩුපාඩු තියෙනවා, එහි ප්‍රශ්නගත තත්වයක් තියෙනවා කියලා. ඒකෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිතුමා කියනවානම් මේක මහා ව්‍යසනයක් කරපු දෙයක් කියලා. වෙන කාටවත් ඒ ගැන මේක හොඳට තිබුණා කියලා කියන්න බැහැ. මහපොලොවේ පැල කරන්න පුලුවන් බීජයක් වගා කරනවා වෙනුවට මේ අය කළේ පිටරටින් දේවල් ගෙනල්ලා යම් කිසි සීමිතපිරිසකගේ අධිෂ්ඨානය ඉෂ්ඨ කරගන්න සහ තවත් පවුලකට හානිකර තත්වයක් ඇති කරලා ඔවුන් පහත් තෘප්තියක් ලබාගැනීම සඳහා කියලා මම නම් කියන්නේ 19 ගෙනාවේ“ යැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවසීය.

    Latest News