නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වටලයි

සැප් 06, 2020

    කුකුළු ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් විශාල පොල්වත්තක පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද වටලනු ලැබීය.

    එහි තිබී ලීටර පනස් දහසේ ජල ටැංකිවල ගෝඩා ගබඩා කර තිබූ අතර, ටැංකි 8ක්, සීනි කිලෝ 50 මිටි 48ක්. ඇමෝනියම් කිලෝ 25 බැගින් වන මළු 3ක්. ඊස්ට් පැකට් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට පත් විය. පොලොව යටින් මීටර 100ක් දුරට බට යොදා ටැප් මාර්ගයෙන් මෙම රා විශාල කෑන්වලට පුරවා ප්‍රවාහනය කර තිබේ. වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් දින 7ක් පුරා කළ මෙහෙයුමකදී මෙම නීති විරෝධි මත්පැන් පෙරණ ස්ථානය වටලනු ලැබීය.

    Latest News