බන්ධනාගාරයට විසි කිරීමට තිබූ පාර්සලයක් සමග අයෙක් දැලේ

සැප් 06, 2020

    වැලිකඩ බන්ධනාගාරයට විසි කිරීමට සූදානම් කර තිබූ පාර්සලයක්, සැකකරුවෙකු සමග අද කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු විසින් සූදානම් කර තබා ගෙන ඇති පාර්සලය කුඩා බෝලයක් ලෙස සකස් කරගෙන ඇති අතර එය තුළ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 7 35 ක් සහ ජංගම දුරකථන බැටරි දහයක් ඒ සමගම මුදලින් රුපියල් තිස් හය දහක් මෙහි තිබී සොයාගෙන ඇත.

    අද පෙරවරුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී ලද තොරතුරක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කලක් සිට මෙම නීති විරෝධී ක්‍රියාව කර ඇති බවට කරුණු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. පොලිස් අපරාධ කොට්ඨාසය මොහු රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන අතර තවත් තොරතුරු රැසක් ඔහු ගෙන් හෙළිකර ගැනීමට නියමිතයි.

    Latest News