නීති විරෝධී කහ කිලෝ 815ක් නාවික හමුදා භාරයට

සැප් 06, 2020

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් 03ක් අද (06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නාවික හමුදාව සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරන ලද ගෝනි මලු 30 ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 815 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනා කුඩා ලොරි රථයක්ද සමඟ එත්තාලෙ ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගන්නා ලදි.

    ඔවුන් අවුරුදු 24 ත් 31 ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, සැකකරුවන්, වියලි කහ තොගය සහ කුඩා ලොරි රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

    Latest News