එ.ජා.ප. 74 වැනි සංවත්සරය අද

සැප් 06, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ 74 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

    මෙවර එය ඉතා චාම් අයුරින් පක්‍ෂ මූලස්ථානයේ දී සැමරීමට කටයුතු සංවිධාන කර තිබිණ. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. මෙරට ආරම්භක පැරණිතම දක්‍ෂිණාෂික පක්‍ෂය ලෙස මෙය සැලකේ. 1946 සැප්තැම්බර් මස 6 වැනිදින ආරම්භ කෙරුණු පක්‍ෂය අවස්ථා කිහිපයකදී මෙරට ආණ්ඩු බලය ලබාගැනීමට සමත්විය.

    ශක්තිමත් ජනපදනමක් ඇති පක්‍ෂයක් ලෙස මෙරට දේශපාලනයට සුවිශේෂි බලපෑමක් කළ එක්සත් ජාතික පක්‍ෂයට මෙවර මහ මැතිවරණයේදී, සෘජු ලෙස මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකිවිය. මෙවර මහ මැතිවරණයේදී එයට හිමිවූයේ, එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි. නායකයෙකු තෝරාපත් කරගැනීමට නොහැකි වූ එම පක්‍ෂය මේ වනවිට දැවැන්ත දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී.

    Latest News