කොවිඩ්-19; 2,918ක් සුවය ලබයි

සැප් 06, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,918ක් සුවය ලබා තිබේ.

    එම ප්‍රතිශතය 93.49ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 6ක් ඊයේ හඳුනා ගැණින. ඔවුන්ගෙන් 3ක් ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින්. තවත් අයෙකු කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙක් බව වාර්තාවේ. අනෙක් දෙදෙනා බහරෙන් සහ කටාර් සිට පැමිණි පුද්ගලයින්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,918ක් සුවය ලබා අවසන්. එම ප්‍රතිශතය 93.49ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 6.11ක්. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව රෝගීන් 640ක් හඳුනා ගැණින. ඔවුන්ගෙන් 626ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එම ප්‍රතිශතය 98.81ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 14 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 2.18ක්.

    නිරෝධායන ක්‍රියාවලියට යොමුකර සිටි 37,522ක් එය සාර්ථකව අවසන් කර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 7,403ක්.

    මෙරටට පැමිණීමට නොහැකිව දෝහා කටාර් සහ ඩුබායිහි රැඳී සිටි පිරිසක් දිවයිනට පැමිණියේය. දෝහා කටාර් සිට පැමිණි පිරිස 44ක්. ඩුබායි සිට 11ක් පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම ගුවන් තොටුපලේදීම පීසීආර් පරීක්‍ෂණවලට ලක් කෙරිණ. ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන යෙත යොමු කෙරිණ.

    Latest News