බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගට පෙරලිමෙන් ගමනා ගමනය ඇණ හිටි

සැප් 05, 2020

    බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලි යාමෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය (05) දින දහවල් සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පැවසිය.

    බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ පින්නවල පුදුකාඩු ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තකට යොදා තිබු බැකෝ යන්ත්‍රක් (05) දින දහවල් 12 ට පමණ ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බව, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බවයි පින්නවල පොලිසිය කියා සිටියේ.

    බැකෝ යන්ත්‍රය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාම නිසා හැටන්, බලංගොඩ, බගවන්තල, මාරතැන්න, වාලෙයිබොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශ දක්වා ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.

    ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ඇති බැකෝ යන්ත්‍රය ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර , එම මාර්ගයේ ගමනා ගමන කටයුතු කඩනමින් යථා තත්ත්වයට පත් කරන බව පින්නවල පොලිසිය පැවසිය.

    Latest News