T-56 අවියක කොටස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සැප් 04, 2020

    ඊයේ(03) උදෑසන 7:30ට පමණ හික්කඩුව පොලිස් වසමේ හේනේතොට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී T-56 අවියක කොටස් සොයාගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

    ඒ, හොරණ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

    එහිදී මැගසීන් 01ක්, පතරොම් 19ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වයස 33ක් වන රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    Latest News