රත්නපුර-බලංගොඩ ප්‍රදේශ සඳහා පුර්ව නාය අනතුරු ඇඟවීමක් (ඡායාරූප)

ජූලි 18, 2019

    රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ආපධා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මාර්ගය සඳහා විශේෂයෙන් නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

    නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නාය ලක්ෂණ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව මෙන්ම ගොඩනැගිලි, බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් හා ඒවායේ ක්‍රමික වර්ධනය පිළිබඳව අවධියෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලයි. එහෙන්ම එක්වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම, බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නාය ආපදා පුර්ව ලක්ෂණ විය හැකි බවත් ආපධා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    hatonflood2 px 900 19 07 1

    එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක නාය යෑම් අවදානමක් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.

    කැලණි හා කළු ගඟේ ජල මට්ටම ඉහළට-අවට ජනතාව අවධානයෙන් ඉන්න......

    මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් මේ වන විට විවෘත කර තිබේ . කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දෛනික කටයුතුවලදී සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    hatonflood px 900 19 07 18

    එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්ත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

    වැඩිදුර තොරතුරු දැන ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. මේ අතර අද (18) උදැසන සිට ඇඳ හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනාගමනයට බාධා ඇති විය.

    නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වී තිබේ.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔය වටවල ප්‍රදේශයේ පිටාර ගැලිමෙන් පහත් බිම් වල වු නිවාස 10 පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසියි පැවසියි. අද (18) පස්වරු 4 ට පමණ ජලයෙන් යට වු නිවාස වල පදිංචිකරුවන්ට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස පොලිසිය විසින් දැනුම් දි ඇත.

    hatonflood1 px 900 19 07 1

    මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදෙශයේ නායයාමේ අවධානමක් ප්‍රතිසංස්කරණය කරන ස්ථානයක වරින් වර පස් කදු කඩා වැටිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට වරින් වර බාධා පැමිණෙන බවත්, එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට ගිනිගත්හේන දක්වා ස්ථා කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇති නිසා රථ වාහන ගමනා ගමනයේදි සැලකිලිමත්ව රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    hatonflood4 px 900 19 07 1

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 18:46

    Latest News