තවත් විදෙස් ශ්‍රමිකයන් 322ක් දිවයිනට

අගෝ 30, 2020

    තවත් ලාංකිකයින් 322ක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ. ඔවුන් මැදපෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයින් පිරිසක්.

    කටාර් රාජ්‍යයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඔවුන් මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කරන්නේ. එමිරේට්ස් හා කටාර් ගුවන් සේවයට අයත් යානාවලින් ශ්‍රී ලාංකිකයන් 50ක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.226 දරණ යානයෙන් ශ්‍රී ලාංකිකයන් 272ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණියේය. මෙම සියලු ගුවන් මගීන් පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

    Latest News