කැනඩාවේ වීසා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

අගෝ 30, 2020

    කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිළි තුනකට වැටලීම සිදුකර තිබේ.

    ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ජාවාරමේ නිරතව ඇති බව වාර්තා වෙයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, මාරවිල, රද්දොළුගම, මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    මෙවැනි වංචා සඳහා හසු වූ තැනැත්තෙක් සිටී නම් 011-2 326 979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

    Latest News