ග්රාම නිලධාරීවරුන් මාර්ගයෙන් එම ආකෘති පත්ර නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව එම කාර්යාලය පැවසීය.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමග පසුගිය දා පැවති මහ මැතිවරණය කල්යාම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධන කටයුතු සිදුකිරීම ප්රමාද විය.
කෙසේවෙතත් එළඹෙන වසරේ මාර්තු මාසයේ දී 2021 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමේ කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.
ජාතික හැඳුනුම්පතක් හිමි සෑම පුද්ගලයෙකුම තම නම, ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා ග්රාම නිලධාරීවරුන් විසින් ලබාදෙන බී.සී ආකෘති පත්ර සම්පූර්ණ කර භාර දිය යුතු වේ.