කෝප් හා කෝපා කමිටු සඳහා සාමාජිකයින් නම් කිරීම පක්ෂවලට

අගෝ 29, 2020

    9 වන පාර්ලිමේන්තුවට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සාමාජික මන්ත්‍රීවරුන් නම්කර එවැන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.

    පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි මන්ත්‍රී සංයුතිය අනුව සිය නම් කිරීම් සිදු කරන ලෙස දැනුම් දී ඇති බවයි.

    ඒ අනුව අදාළ නාම ‍යෝජනා ලබන 8 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස පක්ෂවලට දැනුම් දී ඇතැයි පැවසේ.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සාමාජිකයින් 22දෙනෙකුගෙන් සමන්විතයි.

    මේ අතර පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයන් විපක්ෂයට ලබා දෙන්නැයි පසුගියදා සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

    Latest News