ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය

අගෝ 29, 2020

    කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.

    ඒ සම්බන්ධයෙන් මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පැවැත්වෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

    වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමේ කටයුතු සිදුවන බැවින් එළඹෙන මාසය වනවිට ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු ව තිබේ.

    තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන අතර ඔවුන් සියලු දෙනා ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපළ විවෘත කිරීම පිළිබඳ තීරණය ගැනීමට නියමිතය.

    කිසිදු ආකාරයකින් දැනට මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇති සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අත්හිටුවීමට කටයුතු නොකරන බව ද සංචාරක අමාත්‍යංශය පැවසීය.

    Latest News