පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නවීන පුස්තකාලයක්

අගෝ 29, 2020

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදි කළ මහල් 6 කින් යුත් නවීන පුස්තකාල ගොඩනැගිල්ල පසුගියදා සිසු අයිතියට පත් කෙරිණ.

    ඉපැරණි පුස්තකාලයට වසර සියයක් පිරිම නිමිත්තෙන්, එය ඉදි කෙරිණ. දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වන මීට වැයකර ඇති මුදල රුපියල් මිලියන 360ක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ශ්‍රී ලංකාවේ සියලු සංරක්‍ෂිත ලේඛනවලින් සමන්විත වන අතර, දෙස්-විදෙස් පාඨකයින්ට භාවිත කළ හැකිය.

    ලක්‍ෂ අටක පමණ වන පොත් ප්‍රමාණයකින් මෙම පුස්තකාලය සමන්විතයි. විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ පේරා‍දෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති උපුල් දිසානායක මහතාගේ මූලිකත්වයෙන්.

    Latest News