කෙසේ වෙතත්, එහි පවතින්නේ, අනතුරුදායක තත්වයක්. ඒ පිලිබඳව සැලකිලිමත් වන ලෙස, ප්‍රදේශවාසීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී. මෙහි ප්‍රධාන උමඟ මැද, ඇති කුඩා උමඟ තුළට ඇතුළු වී ඡායාරූප ගැනීම ඉතා අනතුරුදායක තත්වයක්. ඒ, එහි සිට අඩි 150ක් පමණ පහළට ඇඳ හැලෙන මියන් ඇල්ල හේතුවෙන්. තව ද එහි එන ඇතැම් නරඹන්නන් රේල් පීලිමත ගල් තබා යාම මෙන්ම, උමඟට නැගීමේ ආධාරක ලෙස දුම්රිය මාර්ගයේ, සිල්පර භාවිත කිරීම නිසා මෙම අනතුරුදායක තත්වය දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
නාවලපිටිය දුම්රිය අධිකාරි බල ප්‍රදේශයට අයත්මෙම ස්ථානය පිළිබඳව අවධානය යොමුකර විධිමත් පියවරක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.