මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට විපක්ෂයේ අසුනක්

ජන 08, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ති බණ්ඩාර මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඉදිරියේ දිවුරුම් දෙයි. දිවුරුම් දීමෙන් පසු ඔහු විපක්ෂයේ අසුන්ගනු ලැබිණ. 

    ශාන්ත  බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු ලෙසයි.  

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැවතත් පාර්ලිමේන්තුවට පත් කරමින් ගැසටි නිවේදනයක් ඊයේ ප්‍රකාශයට පත්කර කෙරුණි. 

    එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙිනිතුවට පත්කළ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉල්ලා අස්විමෙන් වූ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරිණ.

    ශාන්ත බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 මහ මැතිවරණයෙදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීටම පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

    මේ අතර, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවත්, ඊට අදාළව විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ නොහැකි බවත්, කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. මේ වන විට කථානායකරවරයා විදේශ සංචාරයක නිරතව සිටින අතර, අද පාර්ලිමේන්තුව ආරම්භයේ දී කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතායි.

    Last modified on අඟහරුවාදා, 08 ජනවාරි 2019 14:51

    Latest News