අලි ගම්වැදී වගා බිම් විනාශ කරයි

අගෝ 08, 2020

    වන අලි රංචුවක් ගම්වැදී කුඩා හල්මිල්ලෑව ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර ඇති පුවතක් වාර්තා වේ.

    අද (08) අලුයම මෙම වන අලි රංචුව ගම්වැදී ඇති බවයි, වාර්තා වන්නේ.

    කෙසෙල්, එළවළු මෙන්ම පොල්ගස් වලට ද හානි සිදුකර ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මෑතක සිට මෙම ප්‍රදේශයට වන අලින් පැමිණීම ඉහළ ගොස් තිබේ.‍

    වගාවන්ට දැඩි ලෙස හානි සිදුකිරීම හේතුවෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණදී සිටිනවා.

    Latest News