මෙවරත් මහනුවර ඇසළ පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව

අගෝ 11, 2021

    මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

    පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බව මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා කියා සිටියේය.

    ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

    අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පැවැත් වේ.

    ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 22 වන දා පෝදා පැවැත්වීමට නියමිත බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

    අගෝස්තු 23 වන දා සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වා දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

    Latest News