වතුකරයේ සියළු දෙනාට නිවාස ලබා දිමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

ජූලි 26, 2020

    වතුකරයේ සියළු දෙනාට නිවාස ලබාදිමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවට ද නිවාස ලබාදිමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මහ මැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සඳහා (26) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බැව පැවසීය.

    දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට රැගෙන ආ ව්‍යපෘති සියල්ලම ඔහුගේ පුත් ජිවන් තොණ්මන් මගින් සිදු කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම අවස්තාවට හිටපු අමාත්‍යය ජි.එල්.පිරිස් , හිටපු රාජ්‍යය අමාත්‍යය නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක සි.බි.රත්නායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා ද සහභාගී විය.

    Latest News