නිරෝධායන අවසන් කළ ගණන 25,826

ජූලි 25, 2020

    අද (25) දිනය තුළ දී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙක් (351) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

    ඒ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි පස් දෙනෙක්, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධයස්ථානය තුළින් එක් පුද්ගලයෙකු, පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තුන්සිය පස් දෙනෙක් ද, දියගම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි දෙනෙක් ලෙසයි.

    එසේම අද (25) දිනය වන විට පුද්ගලයින් 25,826 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    අද (25) වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 4,606 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News