රුහුණු කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යයේ 5වැනි දිනය අද

ජූලි 25, 2020

    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ පස්වන දින පෙරහැර අද (25) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

    සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙවර පෙරහැර ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අත්‍යවශ්‍ය රාජකාරි මණ්ඩලය, තේවා මණ්ඩලය සහ කපු මහතුන් පමණක් සහභාගි කරවීමටයි කටයුතු යොදා ඇත්තේ.

    චිරාගත සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පෙරහැර මංගල්‍යය පැවැත්වෙයි. පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ දේවාලය සහ කිරිවෙහෙර වැදපුදා ගැනීමට ජනතාවට පනවා තිබූ සීමාව ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනුව අලුයම 4.00 සිට මධ්‍යයන 12.00 දක්වා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කිරිවෙහෙර සහ දේවාලය වැදපුදා ගැනීමට ජනතාවට ඉඩ සැළසෙනු ඇති.

    Latest News