ඊයේ රෑ සිට මේ දක්වා දුම්රිය අනතුරු 3යි

ඔක් 21, 2018

    ඊයේ (20) රාත්‍රී 11.52 සිට මේ දක්වා දුම්රිය අනතුරු 3ක් සිදුව ඇති බව වාර්තා වේ.

    අනතුර් හේතුවෙන් උඩරට දුම්රිය බදුල්ලේ සිට නානුඔය දක්වාද, කොළඹ සිට හැටන් දක්වාද සීමා වී ඇති බව වාර්තා වේ.

    කොළඹ කංකසන්තුරේ දුම්රිය අඹන්පොළදී ද, කොළඹ මඩකලපුව දුම්රිය (මීනගයා) පලුගස්වවදී ද කොළඹ බදුල්ල සේවා දුම්රිය රදැල්ලේදී ද අනතුරට පත්ව ඇති බව පැවසේ.

    කොළඹ කංකසන්තුරේ දුම්රිය හා මීනගයා දුම්රියට වන අලින් හැපී ඇති අතර බදුල්ල දුම්රිය පීලි පැන ඇති බව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    කොළඹ කංකසන්තුරේ දුම්රිය එක් වන අලියෙක්ද, මීනගයා දුම්රියට වන අලින් දෙදෙනෙකු ද හැපී තිබේ.

    වේග මැනුම් ඒකක දුම්රිය 70 න් 14කට විතරයි !

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එංජින් 70න් වේග මැනුම් ඒකක ඇත්නොතේ දුම්රිය 14කට පමණක් බවද පැවසේ.

    දුම්රිය රියදුරන් වේගය පාලනය කරනු ලබන්නේ ඔවුන් සතු අත්දැකීම් අනුව බව වෘත්තීය සමිති කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී හා දුම්රිය පාලක මැදිරිය (මරදාන) සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

    වසර 2012 සිට මේ දක්වා වාර්ෂිකව වන අලි දුම්රියට බිලිවූයේ මෙසේය.

    2012 - අලි 09 යි
    2013 - අලි 07 යි
    2014 - අලි 10 යි
    2015 - අලි 12 යි
    2016 - අලි 12 යි
    2017 - අලි 07 යි
    2018 - අලි 12 යි (මෙම අනතුරුවලට පෙර සංඛ්‍යා ලේඛන)

     

     

    Latest News