වතුරේ ගිය මඟුල් මුද්ද (ඡායා රූප)

ජන 04, 2019

    අලුත විවාහ වූ යුවලකගේ මංගල මුදුව දියේ අතුරුදන්ව තිබියදී පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් විසින් සොයා එම
    යුවළට නැවත ලබාදීම සිද්දියක් දඹුල්ලෙන් වාර්තාවේ.

    ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයේ මීට දින 10කට පෙර විවාහ වූ යුවලක් දේවහුව වැවේ දිය නෑමට ගොස් සිටිය දී මනාලයාගේ ඇඟිල්ලක පැළඳ සිටි මඟුල් මුද්ද ජලයට වැටී තිබේ. සිද්දිය පිළිබඳ දැනුම් දීමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා, දඹුල්ල පොලිසියේ ජිවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයට මේ පිළිබඳව දැනුම් දී ඇත. ජිවිතාරක්ෂක සංගමයේ සාමාජිකයන් දේවහුව ජලාශයට ගොස් පැය කිහිපයක් දිය යට කිමිදී නැති වී තිබුණු මුද්ද අඩි 20ක පමණ ගැඹුරු දියේ තිබී සොයා ගෙන ඇත.

    මුදුවේ අයිතිකරු මුදුව හඳුනා ගැනීමෙන් පසුව මංගල මුදුව නැවත ලබාදී ඇත. මේ අවස්ථාවේදී මුදුවේ අයිතිකරු, තමන්ට මෙම සිදුවීම අදහා ගැනීමටවත් නොහැකි බවත්, නැවත මුදුව ලැබෙයි යැයි තමන් සිහිනෙකින්වත් නොසිතූ බවත්, ඒ සඳහා වෙහෙස වූ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමා සහ පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමයේ සාමාජිකයන්ට සිදුකළ සේවය වෙනුවෙන් ස්තූති පූර්වකව අගයන බවත් ප්‍රකාශ කළේය.ring1 px 900 19 01 03ring2 px 900 19 01 03

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 11:00

    Latest News