බස්නාහිර විශේෂ වැටලීමකින් 1563ක් අත්අඩංගුවට

ජූලි 19, 2020

    බස්නාහිර පළාතේ ඊයේ (18) උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතර වරෙන්තුකරුවන් 771 දෙනෙක් හා දූෂණ නඩු සඳහා සැකකරුවන් 792 දෙනෙක් සිටින බව පොලීසිය පවසයි.

    මේ අතර බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැලඳීම හේතුවෙන් පුද්ගලයින් 2093 දෙනෙක්ට අවවාද කර තිබේ. දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 968 දෙනෙක්ට අවවාද කර ඇත.

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 08:56

    Latest News