RU බැලූ සජිත් පාරමීට කොළඹින් ගෙයක් දෙයි (වීඩියෝ)

ඔක් 20, 2018

    යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් හිමිකර දුන් වසන්ති මාර්ස්ටෙලා ක්‍රීඩිකාව අද (20) උදෑසන දිවයිනට පැමිණියාය.

    කටුනායක ගුවන්තොටුපොලේ දී ඇය ඇතුළු කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

    ඇය දිවයිනට පැමිණියේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙනි.

    ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පාරමී වසන්ති ක්‍රීඩිකාව මීටර 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබීය.

    මෙරට ක්‍රීඩා ඉතිහාසයේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම මෙය වේ.

    වසර 2017න් පසු ලෝක මට්ටමේ මලල ක්‍රීඩා උලෙලකදී මෙරටට හිමිවූ පළමු පදක්කම ලෙස ද මෙය වාර්තා වේ.

    පාරමීගේ මංගල ගමණ ජාතික රූපවාහිනියට

    අද උදෑසන දිවයිනට පැමිණි පාරමී වසන්ති ක්‍රීඩිකාව, පළමු වරට රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ කරගැනීමේ අවස්ථාව ජාතික නාලිකාවට හිමිවිය.

    ක්‍රීඩාවේ ප්‍රමුඛයා ලෙස ජාතික නාලිකාව, ක්‍රීඩාවේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපව සිටින නාලිකාවකි

    පාරමී ක්‍රීඩිකාවගේ ජයග්‍රහණය පළමුවරට විකාශය කළේ ද ජාතික රූපවාහිනිය මගින්වීම විශේෂ සිද්ධියකි.

    පාරමී, අද (20) සවස රූපවාහිනී සංස්ථා පරිශ්‍රය වෙත පැමිණ සජීවීව ප්‍රවෘත්ති විකාශය සමඟ එක්විය.

    ඒ අතරතුර නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සජීවීව පාරමී හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පාරීමීට පුහුණුවීම් වලට සහභාගී වීම සඳහා කොළඹින් නව නිවසක් ලබා දීමට පොරොන්දු විය.

    එසේම ඇය දැනට ජීවත්වන නිවස අලුත්වැඩියාකර දෙන බවටත් පොරොන්දුවක්වූ අමාත්‍යවරයා ඇයට කොළඹින් ලබා දෙන නිවස ලබන 30 වැනිදා ලබා දීමට කටයුතු කරන බවද කීය.

     

    Last modified on සෙනසුරාදා, 20 ඔක්තෝබර් 2018 23:24

    Latest News