රංගේට: මුදල් සහඇමතිකම් දෙන්න හැදු අය හෙළිකරයි

ජන 02, 2019

    පසුගිය ඔක්තෝබර් 26 වැනිදා බලයට පැමිණි කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට මුදල් වැය කර ඇති බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අල්ලස් කොමිසම වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද එම කොමිසමට පැමිණියේය.

    “පසුගිය ඔක්තෝබර් 26 වැනිදා බලයට පැමිණි කණ්ඩායම මුදල් හා ඇමති මණ්ඩල තනතුරු ලබාදෙන බවට පවසමින් මට එම කණ්ඩායම සමඟ එක්වීමට ආරාධනා කළා. මම එම ආරාධනය සහ පටිගත කළ හඬ පට නොවැම්බර් 03 වැනිදා මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින් අනාවරණය කළා. ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාගෙන් අද කරුණු විමසීමක් සිදු කළා. ඒ අනුව ඊට අදාළ ලියකියවිලි සහ වාර්තාවන් ද මම අද අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා.“ යැයි රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජනවාරි 2019 09:34

    Latest News