කළුතර වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරුට මාංචු

ජන 03, 2019

    කළුතර - සිතුමිණ හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි, පොලීසිය පවසන්නේ.

    පසුගියදා (01) මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලුපාර සිතුමිණ හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණ.

    වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, 57 හැවිරිදි පතිරනගේ ෆ්‍රැට්‍රික් පීරිස් යන අයයි.සැකකරු සොයා කළුතර උතුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරිණ.  

     

    Latest News