සිවිල් ආරක්ෂකයේ විශ්‍රාම වැටුප නැවත දෙන්න හදන ඇමරිකන් සීයා බොරු කියනවා: පාලිත රංගේ

ඔක් 18, 2019

    ගෝඨාභය - මහින්ද රාපක්ෂ, මාධ්‍ය මගහැර පළාගොස් ඇති බවත්, සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට අවසාන මොහෝතේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ නොපැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    අද (18) පැවති මාධ්‍ය හමුවට එක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

    පාලිත රංගෙ බණ්ඩාර මහතා.....

    ඇමරිකන් සීයා පච කියන්න පටන් අරන්. ඔහු බලයටපත් වුවහොත් සිවිල් ආරක්ෂක බලකායේ සමාජිතයන්ට විශ්‍රාම වැටුපක් සහ අවෙනකුත් දීමනා ලබාදෙන බව පවසනවා. අපි ඒවා දීලා ගොඩක්කල් බවත්, යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 අප්‍රෙල් 23 කැබිනට් අනුමැතිය මත සිවිල් ආරක්ෂකද බලකායට විශ්‍රාම වැටුප සහ සියළු දීමනා ලබාදීමට කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ කොහෙන් හරි අහුල ගත්ත ටිකක් ගෙනල්ලා රැස්වීම්වල කියවනවා. අද ඇමරිකන් සීයගේ දෙකොන මාරුවී පච කියනවා යැයි ඔහු පැවසීය.

    හැමදෙනාට සංහිදියාවෙන් ජීවත් විය හැකි, මිණී නොමරණ, සුදුවෑන් කලාව නැති, මිනිසුන් අතුරුදහන් නොකරන, වසර 5 ක් ගත කළා. එවැනි පරිසරයක් අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට අපිත් සමග එකුතු විය හැකි බවත්, ඊට ටිඑන්ඒ පමණක් නොව පොහොට්ටු සමජිකයකුට වුවද එම අවස්ථාව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

    Latest News