කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 57ක්

ජූලි 09, 2020

    පසුගිය දින කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක් කළ අයෙකි.

    ඒ අනූව, කන්දකාඩු මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩල 450කට ආසන්න පිරිසක් මේ වන විට පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.

    ඉහත පරීක්ෂාවට ලක් කරන ලද පිරිස අතරින් මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට ඉන් 56 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

    එසේම අද දින (09) උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගෙන තිබේ. එම කාන්තාව ද කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කරන තැනැත්තියකි. මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ යුතු පීසීආර් පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 17:58

    Latest News