පළාත් කිහිපයකට අකුණු සහිත වැසි

ජූලි 09, 2020

    සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) දිනයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සඳහා තරමක අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 17:12

    Latest News