යාපනයේදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදුන් 6ක් අත්අඩංගුවට

ජූලි 09, 2020

    යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 20 හා 37 අතර වයස්වල පසුවන්නන්. අදාළ සිදුවීම වී ඇත්තේ ඊයේ සවස. අනතුරුව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල දී යතුරුපැදි තුනක්,කඩු දෙකක්, කෙටේරියක් හා ජීව අත්බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 15:25

    Latest News