වව්නියාවේ දී දුම්රියක් පීලිපනී

ජූලි 08, 2020

    දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. අප වාර්තාකරු පවසන්නේ, එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

    යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය වව්නියාව, අවුසදපිටිය ප්‍රදේශයේ දී අද අලුයම පිලී පැනීමට ලක්විය. එය නිසා උතුරු පළාතට දුම්රිය ධාවනය තාවකාලීකව ඇන හිට ඇති බව, අප වාර්තාකරු සඳහන් කළේ. පීලි පැනීම සිදු වූ ස්ථානය සකස්කර උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කඩිනමින් යථා තත්වය පත් කිරීමට නියමිතයි.

    Latest News