නාවික හමුදාවේ 892කට සුවයි

ජූලි 08, 2020

    තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව සමග නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක්. මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙක් පමණි.

    සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    Last modified on බදාදා, 08 ජූලි 2020 09:27

    Latest News