පාර්ලිමේන්තුව කිව්වහම ඔලුවේ ඇදෙන්නේ මොකක්ද ? (වීඩියෝ)

ජූලි 06, 2020
  • ජාතික ජනබලවේගයේ මැතිවරණ රැලියක්, පසුගියදා හෝකන්දරදී පැවැත්විණ.

    ඒ ජාතික ජනබලවේගයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා.... පාර්ලිමේන්තුව කිව්වහම ඕගොල්ලන්ගේ ඔලුවේ ඇදෙන්නේ මොකක්ද? හොඳට කන්න තියෙන තැනක්. බඩ මහත ලොකු අය ඉන්න තැනක්, අපරාධ කාරයේ ගැවසෙන තැනක්. අපි අහලා තියෙනවා පොලොන්නරුවේ පොඩි විජේ. කොහේද හැංගුනේ මින්නේරිය කැලේ. මරදන්කඩවල යකඩයා කොහෙද හැංගිලා හිටියේ රිටිගල කැලේ. උතුවන්කන්දේ සරදියෙන් කොහොද හැංගිලා හිටියේ උතුවන් කන්දේමයි. හොරු හැංගුනේ ඉස්සර කැලෑවල. දැන් හැංගෙන්නේ පාර්ලිමේන්තුවේ“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on සදුදා, 06 ජූලි 2020 20:09

    Latest News