කුසල් මෙන්ඩිස්ට ඇප

ජූලි 06, 2020

    රිය අනතුරක්‌ සම්බන්ධයෙන්‌ අත්‌අඩංගුවට ගත්‌ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල්‌ මෙන්ඩිස්‌ ඇප මත මුදා හැර තිබෙනවා.

    ඒ, ඔහු පානදුර මහේස්ත්‍රාත්‌ අධිකරණයට අද ඉරිපත්‌ කළ අවස්ථාවේ දී.

    කුසල්‌ මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මෙහි දී නියෝග කෙරුණා. රුපියල්‌ ලක්‍ෂ 10 ක්‌ බැගින්‌ වූ ශරීර ඇප දෙකක්‌ මතයි ඇප නියම කෙරුණේ. පැමිණිල්ල ලබන සැප්තැම්බර්‌ නව වැනිදා විභාගයට ගැණීමට නියමිතයි. ඊයේ අලුයම 5 ට පමණ පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ දී ක්‍රිකට් ක්‍රීඩක කූසල්‌ මෙන්ඩිස්‌ පැදවු රථයේ ගැටී පා පැදිකරුවෙකු මිය ගිය අතර, ඔහු 64 හැවිරිදි පුද්ගලයෙක්‌. මේ සම්බන්ධයන්‌ පොලිසියට බාර වු කුසල්‌ මෙන්ඩිස්‌ අද උදේ පානදුර මහේස්තාත්‌ අධිකරණයකට ඉදිරපත්‌ කෙරුණා.

    Latest News