කොවිඩ්19 අසාදනය වූ මෙරට 91%කට වැඩි පිරිසකට සුවයි

ජූලි 06, 2020

    මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1903ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ගණන 2076 ක් ලෙස වාර්තාවේ. ඒ අනුව මෙරට කොවිඩ්19 ආසාදනය වී ඉන් 91%කට වඩා ප්‍රතිශතයකට එය සුව වී තිබේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 162ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 38 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Last modified on සදුදා, 06 ජූලි 2020 15:00

    Latest News