අමා දම් සිසිලස 200 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේ දී

ජූලි 04, 2020

    ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 200 වන ධර්ම දේශනය අද පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

    පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් රජමහා විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අභයතිස්ස නාහිමියන් විසින් මෙවර ධර්ම දේශනය පවත්වන ලදි

    එම අවස්ථාවට ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ සැදැහැවතුන් පිරිසක් එක්වූහ.

    Latest News