ජපානයේ හා වියට්නාමයේ රැඳී සිටි පිරිසක් දිවයිනට

ජූලි 03, 2020

    වියට්නාමයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 65 දෙනෙක් ඊයේ (02) දිවයිනට පැමිණ තිබේ. එම පිරිස වියට්නාම් ගුවන්සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියේය.

    මේ අතර ජපානයේ සිටි ශ්‍රි ලාංකිකයින් 261 දෙනෙක් ද අද (03) අළුයම දිවයිනට පැමිණ තිබේ. ඔවුන් ජපානයේ රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වබ වාර්තා වේ.

    එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරණ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට අද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. අනතුරුව ඔවුන් සියලු දෙනාම පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමු කෙරිණ.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 09:32

    Latest News