පොලිස් නිලධාරීන් 20කට මාරුවීම්

ජූලි 03, 2020

    නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනූව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි.

    පොලිස් මූලස්ථානයේ මීට පෙර රාජකාරී සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජී.කේ.ජේ.අපොන්සු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව සඳහන්.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 09:08

    Latest News