පළමු පාසල් වාරය ඇරඹේ

ජන 02, 2019

    2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරය අද ඇරඹේ.

    පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පංති ආරම්භ කිරීම ලබන 17 වැනි දින සිදු කරන බව, අධ්‍යාපන අ අමාත්‍යාංශය පවසයි. නව වසර සඳහා නිල ඇඳුම් ලබාදීම වවුචර් ක්‍රමය යටතේ සිදු කෙරේ. ඒ සම්බන්ධයෙන් පාසල් දරුවන් වෙත කිසිඳු බලපෑමක් සිදු නොකර 41/2018 චක්‍රලේඛයට අනූව කටයුතු කරන බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඇතැම් බලධාරීන් සහ විදුලහ්පතිවරුන් තෝරාගත් වෙළෙඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට හා දෙමාපියන් වෙත බලපෑම් සිදු කරන බවට පැමිණිලි ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    රජය විසින් ලබාදෙන සහන අතර මැදියන්ගේ ගසාකෑම්වලින් තොරව පාසල් දරුවන් වෙත ලබාදීමේ අරමුණෙන් නිල ඇඳුම් ක්‍රමය හඳුන්වාදුන් බව, අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News