update- කළුතර රත් කරමින් මහ රෑ වෙඩි තැබීමක්

ජන 02, 2019

    කළුතර - සිතුමිණ හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර - උතුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවත්, කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත් මූලික විමර්ශනවලින් හෙළිව ඇත.

    (පෙ.ව 7.15)

    කළුතර - ගාලුපාර තොටුපල හංදිය අසළ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලුපාර සිතුමිණ හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණ. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, 57 හැවිරිදි පතිරනගේ ෆ්‍රැට්‍රික් පීරිස් යන අයයි.වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරු සොයා කළුතර උතුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 09:06

    Latest News