පළතුරු ආනයනයට සීමා පැනවෙයි !

ඔක් 20, 2018

    ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ විමසීමකින් තොරව පළතුරු ආනයනය නොකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හුංගම ටී.ජේ.සී අඹ කලාපයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවයට අද (20) සහභාගී වෙමින්.

    ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ද මේ වන විට හිමිව ඇතැයි වාර්තා වේ.

    හුංගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන නව ටී.ජේ.සී. අඹ කලාපයේ අක්කර 100ක අඹ වගා කෙරෙන අතර, ගොවීන් 200ක් පමණ ඊට සම්බන්ධව සිටියි.

    වගාව සඳහා අවශ්‍ය අඹ පැල 7000ක් අමාත්‍යවරයා අතින් අද බෙදා දෙනු ලැබීය.

    අපනයනය ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කරන වගා සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ හුංගම අඹ වගා කලාපය ස්ථාපිත කෙරුණි.

    අස්වනු මිලදී ගැනීම සඳහා පුද්ගලික අංශයේ ආයතන රැසක් සමග ගිවිසුම්ගතව තිබීම නිසා ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කරගැනීමට අපහසුවක් ද නොවනු ඇති බව, කෘෂි කර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    Latest News