තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීමට “යොවුන් පිබිදුම”

ජූනි 28, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පරපුර ඉන් මුදා ගැනීමේ අරමුණින් “යොවුන් පිබිදුම” නමින් වැඩසටහනක් අද ආරම්භ කෙරිණ.

    ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ක්‍රියාත්මක කරන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය කල්ලිවලට තිත තැබීම මෙහි ප්‍රධාන අරමුණයි. ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි. අද පැවති ආරම්භක වැඩසටහනට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News