අතුරුදන්වූ ධීවරයින් දෙදෙනා හලාවත වෙරළ තීරයට

ජූනි 27, 2020

    ඊයේ මුහුදු ගොස් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන්, අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනා, අද උදේ 8.00ට පමණ තුඩුවාව,හලාවත වෙරළ තීරයට පැමිණ තිබේ.

    අනතුරුව ඔවුන් හලාවත මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඊයේ රාත්‍රී 7.00 පමණ වනතෙක් ප්‍රදේශයේ ධීවර ජනතාව ඔවුන් සොයා මෙහෙයුම් සිදුකළ ද කිසිඳු තොරතුරක් සොයාගත හැකි වූයේ නැත. අතුරුදන් වූ ධීවරයන් සොයා ගැනීමට නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහය ලබාගැනීමට ද පියවර ගැනිණ.

    චණ්ඩ මාරුතයකට හසුව යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු එම ධීවරයන් දෙදෙනා මුහුදේ දිගු දුරක් පිහිනා ගොඩබිමට පැමිණ ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News