කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ජූනි 27, 2020

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට උදේ 6.00 දක්වා බලපැවැත්වෙන විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි දැක්වෙන්නේ කළුතර සිට ගාල්ල,මාතර,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි.

    එම නිසා අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ. මේ අතර බස්නාහිර,වයඹ,සබරගමුව,මධ්‍යම,දකුණ යන පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු මැද සහ ඌව යන පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 12:11

    Latest News