ගිනි අවියක් සමග සැකකරුවෙක් පූගොඩින් අල්ලයි

ජූනි 26, 2020

    පූගොඩ,ඕවිටිගම ප්‍රදේශයේ දී විදේශ රටක නිෂ්පාදිත “ෂොට්ගන්“ වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව පතරොම් 02ක්, කඩු 02ක් හා ආයුධ කිහිපයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 41 හැවිරිදි ඕවිටිගම, පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩාමක් හා පූගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරු අද (26) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News