නව පරපුරකට රට භාරදීම එජාපයේ අරමුණයි - රනිල් වික්‍රමසිංහ

ජූනි 25, 2020

    අලුත් පරපුරකට පක්ෂය සහ රට භාරදීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසුවේය.

    " මහ මැතිවරණයේදී නවක අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ජනතාව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම දියවන්නාවට දැමිය යුතු බවයි. එම නිසා තරුණයන්ට අලුත් මුහුණු අවශ්‍ය වුණා. පැරණි දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් වුණා. දේශපාලනයෙන් ඉවත් වන තරුණයන් යළි දේශපාලනයට ගෙන ඒම අපේ පක්ෂයේ අරමුණයි. එක්සත් ජාතික පක්ෂයත් විටින් විට අලුත් වෙනවා. අලුත් මත ඉදිරිපත් කරනවා."

     

    Latest News