කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිට නියෝග නිකුත්කරන්නැයි පෙත්සමක්

ජූනි 25, 2020

    විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කඩුවෙල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලහේ පතිරණ මහතා විසින්.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනයාගමූර්ති මූරලිදරන් නොහොත් කරුණා අම්මාන් සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ. පසුගිය 19 වැනි දින දිගාමඩුල්ලේ පැවති රැස්වීමක දී හමුදා සාමාජිකයින් ඝාතනය කළ බවට කරුණා අම්මාන් ප්‍රකාශයක් සිදු කළ බව, පෙත්සම්කරු කියා සිටියි. එමගින් දණ්ඩ නීති සංග්‍රහයක් සිදු කළ බව, පෙත්සම්කරු කියා සිටියි. එමගින්, දණ්ඩ නීති සංග්‍රහයක් සිදු කළ බව පෙත්සම්කරු කියා සිටියි. එමගින්, දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්තිවල සදහන් වැරදි හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් කර ඇති බවයි, පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

    සාක්ෂි ආඥා පනතේ 17 (1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳ සිදු කළ පිළිගැනීමක් හා පාපොච්චාරණයක් බව පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඒ අනූව විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 13:01

    Latest News